Tuesday, September 4, 2012

දඟ මල්ල ගුවන් ගත වුන හැටි.......



කොහොමද යාලුවනේ....... ඔන්න මම කාලෙකින් ආවා.... තවත් මරි වැඩක් ගැන කියන්ට..
මේක නම් මහ මෝඩම මෝඩ වැඩක්.. කියන්ටත් ලැජ්ජයි.. කමක් නෑ ඉතින් කියන්නම්කෝ....

.................................................................
ඔයාලා පුංචි කාලෙ බත් ඔතන ඉටිකොල(ලන්ච් ෂීට්) වලින් පැරෂුට් හදලා යවල තියෙනවා ඇති නේද?


මමත් පොඩි කාලෙ හරි ආසයි ඔය වැඩේට.. මමයි මල්ලියි එකතු වෙලා ගෙදර තියෙන ලන්ච් ෂීට් ඉවර වෙනකන් පැරෂුට් යවනවා..

ලන්ච් ෂීට් වල කොන් හතර නූලකින් ගැට ගහලා තව නූලක් දිගට තියෙන්ට ඒකටම අමුනනවා.. ඊට පස්සෙ ඒක අරන් දුවනවා... එතකොට පැරෂුට් එක පාවෙනවනෙ...

ඔන්න දවසක් දඟ මල්ලට අලුත් අදහසක් ආවා..


"හැමදාම කරන්නේ පැරෂුට් අරන් දුවන එකනේ... අද මම පැරෂුට් එකෙන් පැනලා බලන්ට ඕනි..."

මෙහෙම හිතුනා විතරයි මම නොපමාව සිතුවිල්ල ක්‍රියාත්මක කලා... 

අපේ වත්ත බෑවුම් ඉඩමක්. ඉතින් කණ්ඩිය කපලා තමා ගේ හදලා තියෙන්නේ. මම මගෙ පැරෂුට් රාජයත් අරන් කණ්ඩිය උඩට ගියා. ඊට පස්සේ ඔය උඩ තියෙන පින්තූරේ වගේම අත්දෙක උඩට අල්ලලා පැරෂුට් එක අරන් පැන්නා කණ්ඩියෙන් පහලට...

පොළවට ඇදිලා ආපු මම ගෙම්බා පොළවෙ ගැහුවා වගේ බිමට පත බෑවුනා...

මට එකපාරටම හිතුනේ මම මැරුණා කියලා ඒතරම් අමාරුවක් දැනුනා මට.. නැගිට ගන්ට බැරුව ටිකක් වෙලා වැටිච්ච විදියටම හිටියා... හැබැයි මොනතරම් වේදනාවක් දැනුනත් කෙඳිරි ගෑවෙවත් නෑ. කවුරු හරි වෙච්ච දේ දැනගත්තොත් වස ලැජ්ජාවයිනෙ... 



විනාඩි 5ක් විතර එහෙමම හිටපු මම බඩගාගෙන ගිහින් ඇඳට නැග්ගා. මට ඇවිදන් යන්ටවත් පණක් තිබ්බේ නැහැ. වැටුන අමාරුවයි බයයි දෙකමනෙ. කොහොම හරි මට හොඳටම නින්ද ගියා අමාරුවට...

නින්ද ගිහින් ඇහැරුනාම කිසි අමාරුවක් තිබ්බේ නැහැ. අයෙත් පුරුදු විදියටම දඟල දඟලා හිටියා... අදටත් ගෙදර කිසිම කෙනෙක් දන්නේ නැහැ මට එහෙම දෙයක් වුනා කියලා....


4 comments:

  1. හිනා ගිහින් දුකත් හිතුනා.... වේල්ල උස මදි හින්දයි වැටිලා තියෙන්නේ... අර කිතුල්ගහ උඩට නැගලයි පනින්ට තිබ්බේ... එහෙමනම් ටිකක් පාවෙයි...

    ReplyDelete
    Replies
    1. අපරාදේ.. ඒ දවස් වල අලුත් මල්ලිව දැන අඳුනගෙන හිටියනම් මට පැරෂුට් එකෙන් පනින්ට උපදෙස් ගන්ට තිබ්බා....

      Delete
  2. දඟ මල්ලක්ම තමයි. :):) කිව්වත් වගේ ආයේ පනිමුද බලන්න කිතුල් ගහ උඩට වත් නැගලා :D

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.. කොහොමද යාළු???? අද නේද මේ පැත්තෙ ආවේ? ඔයාට ගොඩක් ස්තූතියි....

      Delete